2014-08-23

සල්ලි හම්බ කිරීමේ නිදහස

අඥාත කතුවරයන්ගේ හෙවත් අවිනිශ්චිත රචකයන්ගේ නිර්මාණ ඊ මේල් හරහා සයිබර් අවකාශය පුරා කැරකෙනවා. හෙනහුරා ඇතුළු සමහර බ්ලොග් කාරයෝ සහ බ්ලොග්කාරියෝ බොහෝ විට ඉංගිරිසි හෝ ඉන්දියානු ඉංගිරිසි වලින් ලියා ඇති මේවා කෙළින්ම හෝ පරිවර්තනය කිරීමෙන් පසුව හෝ අනුවර්තනය කිරීමෙන් පසුව හෝ ඒ ඇසුරු කරගෙන වෙනත් නිර්මාණයක් වශයෙන් හෝ සිංහල බ්ලොග් පාඨකයන්ට ඉදිරිපත් කරනවා.

එක දවසක් මේ බ්ලොග් එකේ තිබුනු එවැනි ලිපියකට කමෙන්ට් දාපු එක්කෙනෙක් කතාවේ මූලාශ්‍ර නොදැක්වීම ගැන දොස් කියලත් තිබුනා. ඒ කතාවට වගේ ම මේ කතාවටත් මූලාශ්‍ර පෙන්නන්න බැහැ. ඊ මේල් එකක් ප්‍රසිද්ධ කිරීමෙන් එය එවූ අයගේ සහ ලැබූ අයගේ පෞද්ගලික නිදහසට හානියක් වීමට ඉඩ තිබෙන නිසා ඊ මේල් එක උපුටාගෙන පෙන්වන්නත් බැහැ.

කොහොම වුනත් කතාව මේකයි.

වෙළෙන්දා ගොවියකුගෙන් බූරුවෙකු මිල දී ගත්තේ පවුම් සීයක මිලකට. වෙළෙන්දට මේ බූරුවා දක්කගෙන ගෙදර යන්න පුරුද්දක් තිබුනෙ නැතුවා විතරක් නෙවෙයි, ඒකට එයාට හීනියට ලැජ්ජාවකුත් තිබුන‍. කොහොමත් ඒ වෙලාවෙ තිබුනු වැඩ කන්දරාව එක්ක වැඩි වෙලාවක් මිඩංගු කරන්නත් බැරි නිසා "මං හෙට උදේම බූරුව ගෙදරට දක්කගෙන එන්නම් මුදලාලි" කියපු ගොවියගෙ අදහසට මුදලාලි එකඟ වුනා.

ඒත් පහුවෙනිද උදේම ගොවියා දැනුම් දුන්නේ බූරුවා හදිසියේම මරණයට පත් වුනු බවයි. වෙළෙන්ද ‍පවුම් සීය ආපහු ඉල්ලුවහම ගොවිය කිව්වෙ "අනේ මුදලාලි මට ඒක වියදම් වුනානෙ" කියලයි.



"හා කමක් නෑ මට මළකුණ ගෙනත් දීපන්"

"මළ කුණකින් මොකක්ද කරන්න පුළුවන් මුදලාලි?"

"මමනෙ කරන්නෙ. උඹ ගෙනත් දීපන්කො.
මං ඒකට දානව ලොතරැයියක්"

"ලොතරැයියක්? මළ කුණකට? ඒක විකාරයක්නෙ"

"මං කිව්වනෙ උඹට. ඒක මමනෙ කරන්නෙ. උඹ හැබැයි මේ බූරුවා මැරිච්ච බව කාටවත්ම කියන්න එපා".
---------------------------------------------------------------------------------------------------------
ඔන්න ඒ සිද්දියෙන් මාසෙකට විතර පස්සෙ අර ගොවියයි මුදලාලියි එකට මුණගැහුනා පොළට ගිය වෙලාවෙ.

"ආ මුදලාලි, අර මැරිච්ච බූරුවාට මොකද වුනේ?"

"මං ලොතරැයියක් දැම්මනෙ. ටිකට් පන්සීයක් වික්ක පවුම් දෙක ගානෙ. උඹට දීපු පවුම් සීයත් අඩු කරපුවහම මට පවුම් 898ක් ලාබයි."

"පුදුමයිනෙ, ඉතින් මුදලාලි කවුරුවත්ම වලියකට ආවෙ නැද්ද?"

"දිනුම ඇදිච්ච මෑන් ඇද්ද ලෙඩේ. මං පොරගෙ පවුම් දෙක ආපහු දීල දැම්ම".

දැන් මේ පුද්ගලයා පොදුරාජ්‍ය මණ්ඩල බැංකුවේ (Commonwealth Bank) මූල්‍ය උපදේශකයකු ලෙස සේවය කරන බව ඒ ඊ මේල් එකේ වැඩිදුරටත් සඳහන් කරල තිබුනා

ඒ වගේ, මොළය වෙහෙසවා සල්ලි හම්බකිරීමේ නිදහස රැකගන්න දිවි හිමියෙන් සටන් කරන්න ඕනෑ තේරුණාද?

(පින්තූරය ගත්තෙත් නෙට් එකෙන්මයි)

2 comments:

  1. පට්ට උපදෙශේ ..ඔන්න් අපිත් තනි තනියෙන් ගත්ත ලක්ෂ තුන අපහු ගෙවන්න වෙලාලු

    ReplyDelete
  2. තමන් පවුම් 1,000 ක් වටින බව දන්නවා නං ඒ බූරුවා කොච්චර සන්තෝෂෙන් මැරෙන්න තිබුණාද?

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.