අද ඇවිත් තිබුන ඊ මේල් එකක්. එක එක රටවල කරන්ට් එක ගියහම ඒ ඒ රටවල අය කරන කියන දේ ගැන.
එංගලන්තයේ ගෘහිණියක් කරන්ට් එක ගියහම කියනවලු “පුතේ, ඉලෙක්ට්‍රිසිටි ඩිපාර්ට්මන්ට් එකට කෝල් කරන්න” කියල. සිංහලෙන් නෙමෙයි, ඉංගිරිසියෙන්.
ජපානෙ ගෘහිණියක්නම් කියන්නෙ “පුතේ, ෆියුස් ගිහිල්ලද කියල බලන්න” කියලලු.
ලංකාවෙ ගෘහිණියෝ “පුතේ, අල්ලපු ගෙදර ලයිට් තියනවද බලන්න” කියනවලු.
මේ කතාව සෝපාහාසාත්මකව දාල තිබුනත්, යම් කිසි සිද්ධියකදි ප්‍රතිචාර දක්වන ආකාරය ගැන පුංචි ඉඟියක් දෙනව. රටවල් ගැන සඳහන කෙසේ වෙතත්, මේක විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් ඇත්තක්.
සමහර අය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ, වහාම කෝල් කරනව ප්‍රශ්නෙ විසඳගන්න. සමහර විට ගෙදර ට්‍රිප් එක ගිහිල්ල වෙන්නත් පුළුවනි, විදුලි බල මණ්ඩලේට කෝල් කරාට. ඒ වගේම, අපේ රටේ විදුලි බල මංඩලේට කෝල් කරල පැය ගණනාවක් යනකන් කිසිම ප්‍රතිපලයක් නැති වෙන අවස්ථාවන් තියනවනෙ. ඉතින් අපේ අයනං කවදාවත් විදුලි බල මංඩලේට කෝල් කරන්නෙ නෑ.
ජපන් ක්‍රමේ හොඳයි. ඉස්සෙල්ල බලනව තමන්ට විසඳාගන්න පුළුවන් ගැටළුවක්ද කියල. බැරිනම් තමයි බාහිර විසඳුම් සොයන්නෙ. මේ ජපන් ක්‍රමේ අනුගමනය කරන පුද්ගලයන්ට බොහෝ විට ඉක්මණින් විසඳුමක් හොයාගන්න පුළුවන්.
දැන් බලන්න ලංකාවෙ ගෘහණියගෙ ක්‍රමය ගැන. බැලූ බැල්මට පේන්නෙ නරක වැඩක් වගේ. ඒ වුනත්, ජපන් ක්‍රමේට වඩා ඇඩ්වාන්ස් කියලයි මට පෙනෙන්නෙ ලංකාවෙ ක්‍රමය. ප්‍රශ්නයක් වුනාම බාහිර උදව්වක් හොයන්න කළින් තමන්ට විසඳගන්න පුළුවන් දෙයක්ද කියල බලන එක ජපන් ක්‍රමේ වුනත්, ඒ වැඩේ වඩා පහසුවෙන් කරන්නෙ කොහොමද කියල ලංකාවෙ අය දන්නව. කරුවලේ මේස පුටු ඇඳන් දොර උළුවහු වල හැපි හැපී ගිහින් ටෝච් එක හොයාගෙන ෆියුස් බෝඩ් එක හරි ට්‍රිප් එක හරි බලනවට වඩා ඉක්මනට අල්ලපු ගෙදර දිහා බලල තීරණයක් ගන්න පුළුවන්. අල්ලපු ගෙවල් වලත් ලයිට් නැත්තං, කඩේට දුවල ගිහින් ඉටිපන්දම් පැකට් එකක් ගේන එකනෙ තියෙන්නෙ.
පංකාදු පහයි
ReplyDelete