උපුටා ගැනීමකි
- කතෘ අඥාතයි
(මල් වඩම්
අනවශ්‍යයි)
පිටරට ගිහින්
ආපු ගමන් පොරක් වයිෆ්ගෙන් අහනවලු, “ඒක නෙවෙයි අනේ, මං නිකං පිටරට කෙනෙක් වගේද
පේන්නෙ ඈං?”
“න්නැහ්, ඇයි
ඔයා එහෙම ඇහුවෙ?”
“නෑ නෑ. මං
ලන්ඩන් වල ඉන්නැද්දි එහේ ලේඩි කෙනෙක් එකපාරම මගෙන් ඇහුවනෙ මං පිටරටකින් ආවද කියල?”
සංචාරකයෙක්
අහනවා ගැමියෙකුගෙන් මෙහෙම.
“මේ ගමේ
කවුරුහරි ශ්‍රේෂ්ට පුදගලයෙක් ඉපදිලා තියනවද?”
“අපෝ නෑ...
මෙහෙ උපදින්නෙ පොඩි බබාල විතරයි”
සම්මුඛ
පරීක්ෂණයක දෙබසක් මෙසේය.
“දැන් මෙහෙම
හිතන්න, ගොඩනැගිල්ලක තුන්වැනි තට්ටුවේ ඔබ සිටිද්දී එහි ගින්නක් ඇති
වෙනවා. ඔබ කොහොමද පණ බේරාගන්නේ?”
“ඒක හරිම
පහසුයි, මං මගේ සිතුවිල්ල වෙනස් කරගන්නවා”
තවත් සම්මුඛ
පරීක්ෂණයක දෙබසක් මෙසේය.
ඔයා
“MS Office දන්නවද?”
“නෑ, මට
එතන ඇඩ්ඩ්‍රස් එක කිව්වොත් හොයාගෙන යන්න පුළුවනි”
