2014-03-11

බෝක්කුව

බෝක්කු බැලීම බාල තරුණ මහළු පිරිමින්ගේ ආනන්දයට හේතු වන කාරණයකි. අද උදේ සුපුරුදු ලෙසට ඊ මේල් පරීක්ෂා කිරීමේදී හිරුණිකාගේ බෝක්කුව යනුවෙන් ඊ මේල් එකක් එවා තිබිනි. වට පිට වාතාවරණය යහපත් වූ පසු, එනම් මගේ මොනිටරය පෙනෙන මානයේ කිසිවකු නොසිටින අවස්ථාවක් එළැඹුනු පසු, මම වහාම එම ඊ මේල් එක ඕපන් කර බැලුවේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිකරගෙන ය. අහෝ ඛේදයකි! ඉරකි! තිතකි. එවා තිබුනු පින්තූරය මෙසේ විය.

මේ පින්තූරයේ බෝක්කුවක් සොයමින් පැය කාලක් පමණ ගත කළ නමුත් සොයාගැනීමට හැකි වූයේ නැත. ඊ මේල් එක තවදුරටත් කියවීමේදී තවත් ඡායාරූප ගණනාවක් දක්නට තිබිනි. ඒවා හිරුණිකා වෛශ්‍ය වෘත්තියේ නියැලෙමින් පිහිනීමට සැරසුනු ආකාරය දක්වන ඡායාරූප විය. කාන්තාවන් පිහිනුම් තටාක වල වෛශ්‍යා වෘත්තියේ යෙදෙන බව මා දැනගත්තේ අද ය. මගේ දියණිය පාසලේ පිහිනුම් කණ්ඩායමට ඇතුළත් වීමට උනන්දු නොවීම සහ මා එයට ඇය උනන්දු නොකිරීම කෙතරම් වාසනාවක්ද?

දැන් එළැඹී ඇත්තේ මැතිවරණ සමය බව මට මතක් වුනේ ඉන් අනතුරුවයි. හිරුණිකා ද එක් අපේක්ෂිකාවක් ය. මැතිවරණයකදී අපේක්ෂක අපේක්ෂිකාවෝ සිය මනාප වැඩි කර ගැනීම සඳහා කරන නොයෙකුත් අවලම් වැඩ වලින් මෙයත් එකක් බව පෙනේ.

එක්කෝ මේ පින්තූරය සංස්කරණය කළ එකා බෝක්කුවක් දැකලාම නැත. නැත්නම් උගේ වලත්ත චින්තනය නිසා රෙදි විනිවිද පෙනෙන මානසිකත්වයක් ඇති වී තිබෙනවා විය යුතුය.

මේ නිසා, මැතිවරණ කාලයේදී ලැබෙන ඊ මේල් ගැන ඕනැවට වඩා බලාපොරොත්තු ඇති කර නොගත යුතු ය.

තවද, මහා සංඝරත්නය වුනත් බෝක්කු බැලීම පරමාර්ථයක් කරගෙන පිංකම් වලට වැඩීම එතරම් ඵලදායී නොවනු ඇත.

5 comments:

  1. නැත්නම් උගේ වලත්ත චින්තනය නිසා රෙදි විනිවිද පෙනෙන මානසිකත්වයක් ඇති වී තිබෙනවා විය යුතුය.//
    මං හිතන්නෙ එ්ක වෙන්න ඕන

    ReplyDelete
  2. /* මේ පින්තූරයේ බෝක්කුවක් සොයමින් පැය කාලක් පමණ ගත කළ නමුත් */

    ඒ කතාව ඇත්ත නම් ඔබටත් තියෙන්නේ බොන්න ඕනෑ ප්‍රශ්ණයකි. ඕකට තත්පර පහක්වත් යනවාද?

    ReplyDelete
    Replies
    1. ශුද්ධ බර ලැබෙන්නේ මුළු බරෙන් තාර බර ඉවත් කළ පසුවය.
      කොහොම වුනත්, ගුරු ගෝල වෙනස හොයනවා වගේ වත් බෝක්කුව හොයාගන්න පුළුවනිද කියලයි මං බැලුවෙ. සැදැහැවත් බෞද්ධයෙක් බොරු කියයි කියල කොහොම හිතන්නද?

      Delete
  3. මෙය බෝක්කු පෙන්වීමක් නොව මඩ ගැසීමක් පමණකි. කුමන පක්ෂයෙන් වුවත් කාන්තාවක් ඡන්දය ඉල්ලනවා නම් අපේ රටේ බොහොම අය මඩ බාල්දි කර තබා ගෙන සිටින්නේ ඒ ප්‍රතිරූප විනාශ කරන්නටය. කියන්නා කෙසේ කීවත් විචාර බුද්ධියෙන් යමක් තේරුම් ගැනීමට බුද්ධිමතුන්ට හැකියාවක් තිබේ.

    ReplyDelete
  4. කවුරුන් මොනවා කීවත් ලංකාවේ තියන පුරුෂාධිපත්‍යයේ එක් ප්‍රමුඛතම ස්වරූපයක් තමයි ඕක. ලංකාවේ කාන්තාවකට විරුද්ධව කරන 99% කැම්පේන් වලදි ඇය වෛශ්‍යාවක් බවට හෝ අසංවර ලෙස හැසිරෙන තැනැත්තියක් බවට, ඒත් නැත්තං වඳ ගෑනියක් බවට හං වඩු ගසනු ලබනවා.

    ඊනියා ස්ත්‍රීවාදිනියන්ට තේරුම් ගන්න බැරි මේ කාරණය ඒ නිසාම අමතක කරලා ඔවුන් පිස්සු විකාර දොඩවලා සවුත්තු වෙනවා.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.