2013-07-03

හෙළ දරුවෝ සංවිධානයෙන් පෙත්සමක් | A petition from Hela Daruwo

හෙළ දරුවෝ සංවිධානයෙන් පෙත්සමක් | A petition from Hela Daruwo

දිනෙන් දින පරිහාණියට පත්වන ශාසන විනය යළි සුරක්ෂිත කරනු වස්, හෙළ දරුවෝ සංවිධානය විසින් ආරම්භ කරන්නට යෙදුණු සංදේශයක් පිළිබඳව අපට දන්වන්නට යෙදී තිබේ. සියලු වාද භේද පසෙක ලා, ශාසනාලයයෙන් යුතුව සියලු බෞද්ධයෝ මෙයට සහය දෙත්වා යැයි අපි දූ අපේක්ෂා කරමු. 

සංදේශය

අති පූජණීය,ගෞරවණීය මහා නායක හිමිපාණන් වහන්සේලා වෙතටයි!

රට තුල සීග්‍රයෙන් පැතිර යන අන්තවාදි චීවරධාරීන්ගේ ක්‍රියාකලාපය පිලිබඳවයි 

හෙළ දරුවෝ නම් වන අප සංවිධානය, නිර්මල වූ බුදු දහමට මුවාවී කලෙක පටන් රට තුල සිදුවන අන්තවාදී ක්‍රියාකරකම් පිලිබඳ අවධානයෙන් සිටි සංවිධානයක් බව ඔබ වහන්සේලාට මුලින්ම දැනුම් දෙනු කැමැත්තෙමු. 

ඔබ වහන්සේලාද දන්නා පරිදි රටේ මේ වන විට බොදු බලය, රාවණා බලය, සිහල රාවය යනුවෙන් අටවාගත් සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ ඇතැම් සංවිධාන මෙහෙයවන භික්ෂූන් වහන්සේලා යැයි හඳුන්වාගත් පුද්ගලයින්ගේ දුසිල්වත් භාවය හා ක්‍රියාකාරකම්, වසර 2500 ක් මුළුල්ලේ අඛණ්ඩව රැක ගත් ථේරවාදි බුදුදහමට, දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද කළු පැල්ලම් එක් කරමින් පවතී. මෙවන් සංවිධානයක මහ ලේකම් යැයි හඳුන්වාගත් එක්තරා චීවරධාරියෙක් සමග පසුගිය දා දෙරණ 360 වැඩසටහනේදි කල සාකච්ඡාවේදි හෙළි වුයේ ඔහු විසින් බීමතින් රිය පදවා අධිකරණයෙන් දඬුවම්ද ලැබු අයෙකු බවය .එමෙන්ම මෙවැනි ඇතැම් සංවිධාන විසින් නීති විරෝධීව රටේ නීතිය අතට ගෙන ව්‍යාපාරික ස්ථානවලට කඩා වැදීම, විනාශ කිරීම, ගිනි තැබීම, ගල් මුල් ගැසීම වැනි ක්‍රියා වල නිරත වු බවද මාධ්‍ය මගින් ඔබවහන්සේලා දැනුවත් වන්නට ඇතයි අපි විශ්වාස කරමු. 

මේ සියල්ලකගෙන්ම ශ්‍රී ලංකාවේ බුදු දහමට ජාත්‍යන්තර වශයෙන් එල්ලවන අපකීර්තිය සුළු පටු නොවන බවත්, එයින් රටට විරුද්ධව අවලාද නගනවුන්ගේ ක්‍රියාකාරකම් වලට පැහැදිලි අනුබලයක් ලැබෙන බවටත් වටහා ගැනීමට, උගත් බුද්ධිමත් මෙන්ම වයෝවෘධ, ගුණවෘධ සංඝ පීතෘවරයන් වහන්සේලා වන ඔබ වහන්සේලාට අපහසු නොවන බව අපි විශ්වාස කරන්නෙමු. 

ගරු මහනායක හිමිපාණෙනි, හෙළ දරුවෝ සංවිධානයෙ සාමාජික අප විසින්, සැබෑ බෞද්ධයන් වශයෙන් ශ්‍රී ලාංකික සියලු බෞද්ධයන් වෙනුවෙන් ඔබ වහන්සේගෙන් මේ මොහොතේ ඉල්ලා සිටිනුයේ, අතීතයේදි ද සංඝ සමාජයේ හා සකල බෞද්ධයාගේ උන්නතිය වෙනුවෙන් සිදු කළා සේ, මේ දුසිල්වත් භික්ෂුන් පිරිස ශාසනයෙන් නෙරපා දමා, බුද්ධ ශාසනයේ හා උතුම් අර්හත් ධජය වු බුද්ධ චීවරයේ ගරුත්වය රැක ගැනීමට සෙසු මහානායක හිමිවරුන් සමග පෙරමුණ ගන්නා ලෙසයි. සංඝ සමාජයේ කටයුතු වලට ගිහියන් වන අපට මැදිහත් විය නොහැකි බැවින් මේ සඳහා සුදුසුම ලාංකික සංඝ සමාජයේ නායක්ත්වය දරණ ඔබ වහන්සේලා බව අපි උදක්ම විශ්වාස කරමු. ඒ කටයුත්ත සඳහා ඔබ වහන්සේලාට අවැසි ධෛර්යදය ශක්තිය ලබා දීමට අපි නිරතුරුව සූදානම් බවද අපි ඔබවහන්සේලාට ගෞරව පූර්වකව දන්වා සිටිමු. 

ඒ සඳහා නායකත්වය ගෙන මේ සත් ක්‍රියාවට මුලපුරණ මෙන් ශාසනාලායයෙන් සහ බුදු සසුන කෙරෙහි උපන් ශ්රඳද්ධා භක්ති සම්පන්න අවංක ශාසන සංවේගයෙන් යුතුව, අපි ඔබවහන්සේලාට මෙයින් ආරාධනා කර සිටින්නෙමු. 

බුදු සසුන රැකගනිමු !
හෙළ දරුවෝ දිනවමු !
අන්තවාදය පිටු දකිමු !
බුදුන් දෙසු මග ඔස්සේම යමු !
තෙරුවණ සරණයි !
මෙයට දෑ හිතකාමී
හෙළ දරුවෝ 
 
පොදු යහපත උදෙසා http://thahanamwachana.blogspot.com/2013/07/petition-from-hela-daruwo.html අඩවියෙන් උපුටාගැනීමකි 
 
කරුණාකර තව තවත් ප්‍රචාරය කරන්න

10 comments:

  1. මටත් ඔය වයන වීනාව දෙන්න, අපේ පැත්තෙත් ඉන්නවා බීරි අලි ටිකක්.

    ReplyDelete
  2. වෙන තැනකත් තිබුණා මේ පෝස්ටුව.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒක උපුටාගැනීමක් කියල දාල තියනව නේද?
      මමනම් ඒ පෙත්සම අත්සන් කළා.

      Delete
  3. දැන් අපේ රටේ වෙන මුස්ලිම් හා ක්‍රිස්තියානි අන්තවාද ගැන මේ හෙල දරුවන්ට කැක්කුක් නැත්තෙ.... මෙයාලා අවජාතක විදියට උපන් හෙල දරුවෝ සමූහයක්....


    මේකට දැන් පිටරට උන් දුසිම් ගණන් අත්සන් කරලා ටාගට් සම්පූර්ණ කරයි.. අපෙත් ඉන්නවානේ හරක්...

    ReplyDelete
    Replies
    1. මේ පෙත්සමෙන් කතා කර ඇත්තේ බෞද්ධයාට සිදුවන අපකීර්තිය ගැනනෙ. ක්‍රිස්තියානි හා මුස්ලිම් අයට ඇතිවන අපකීර්තිය ගැන හෙළ දරුවන්ට කැක්කුමක් තියෙන්න විදිහක් නැති බව ඔබතුමාට වැටහෙන්නෙ නැතිද?

      Delete
  4. මේ පෙත්සම හදලා තියෙන්නේ අවජාතක බල්ලෙක්.සිංහල බෞද්ධයා නැගිටින කොට මුන්ට මාර කැහිල්ලක්නේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. පෙත්සම හදා ඇත්තේ අවජාතක බල්ලෙක් කියා කියන්නේ ඇයි?

      Delete
  5. නිවැරදි උත්සාහයක්!!!!!!!!!!!!!!!!!!!!!!!ජයවේවා.

    ReplyDelete
  6. පෙත්සම හදාපු එවුන්ගෙන් එකෙක් මේ අහන්නේ? දැන් කාට හරි අවුල් ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සිංහල බෞද්ධයා ගැනම කතා කරන ඇනෝලට.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.