2013-05-09

මෙන්න අපි බිස්නස් කරන හැටි

ලෝකප්‍රකට 9/11 පුහාරයේදී කඩා වැටුනු බොහෝ දේවල් ප්‍රතිසංස්කරණය කෙරෙන්න වැඩි කාලයක් ගත වු‍නේ නෑ. එක්තරා මායිම් වැටක් අළුත්වැඩියා කරන්න රාජ්‍ය දෙපාර්තමේන්තුව ටෙන්ඩර් කෝල් කළා. මේක ජාත්‍යන්තර ටෙන්ඩරයක්. ඒ කියන්නෙ ඉන්ටනැෂනල් කම්පිටිටිව් බිඩින්ග් සිස්ටම් එකටයි වැඩේ සිද්ද වෙන්නෙ. හැබැයි ඕපන් ටෙන්ඩර්. ඒ කියන්නෙ මිල ගණන් සීල් තියපු ලියුම් කවර වල දාල ටෙන්ඩර් පෙට්ටියට දාන්නෙ නැතුව, ‍වැඩේ බලල ඒ වෙලාවෙම ගාන කියනව.

ඔන්න ඇමරිකන් සමාගමක්, චීන සමාගමක් සහ අපේ පොරක් මිලගණන් ඉදිරිපත් කරන්න සෙට් වුනා. මිල ගණන් ඉදිරිපත් කරන්න ඉස්සෙල්ල වැඩේ පරීක්ෂා කරන්න වෙන බව ප්‍රසම්පාදන දැන්වීම පළකරද්දි කියල තිබුන. ප්‍රසම්පාදන දැන්වීම් කියන්නෙ ඔය ටෙන්ඩර් දැන්වීම් වගේ එව්වට තමයි. මේ තුන්දෙනාම සයිට් එකට එක්ක ගියා වයිට් හවුස් එකේ ඔෆිසර් කෙනෙක්.

ඉස්සෙල්ලම ඇස්තමේන්තුව දෙන්න ඉදිරිපත් වුනේ ඇමරිකන් කාරයා. මෑන් ටේප් එකක් එහෙම අරගෙන ඇවිත් දිග පළල උස ඔක්කොම මැනල කරල ලැප්ටොප් එකත් අරගෙන පැත්තකට වෙලා මොනවදෝ කරල ඉවරවෙලා කිව්ව මෙහෙම.

මේකට ඩොලර් 900/- ක් වෙනව. ඒ කියන්නෙ බඩු වලටම හාරසීයයි. අපේ ටීම් එකට කුලිය හාරසීයයි. මට ඉතුරුවෙන්නෙ සීයයි.

දැන් චීනාගෙ වාරෙ. මෑන් කළෙත් අර වැඩේමයි. හැබැයි මිනිහගෙ ලැප්ටොප් එකට ඩොංගල් එකක් හයි කරල තිබුන. අවසානෙදි ගණන ඉදිරිපත් වුනා.

මගේ ගණන 700/- යි. බඩු වලට තුන්සීයයි. අපේ කොල්ලන්ට තුන්සීයයි. මට සීයයි.

ඔන්න දැන් අපේ පොර යනව ඇස්තමේන්තුව දෙන්න.

පොර මැන්නෙත් නෑ. ලැප්‍ටොප් ගෙනාවෙත් නෑ. අත් දෙක වන වනා ගිහින් කිව්ව 2,700/- යි කියල.වයිට් හවුස් පොරට තරු විසි වුනා. ඈ යකෝ (ඌ දන්නව අපි යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන බව) උම මේක මැන්නෙත් නෑ. නිකම්ම උඩ බලාගෙන ඉඳල අස්ප ගානක්නෙ කිව්වෙ. දැන් අර චීනා මේක 700ට කරල දායි.

"කෑ ගහන්න එපා අයිසෙ" අපේ මෑන් හෙමිහිට කිට්ටු කරල රහසින් වගේ මැතිරුවා. "පොඩ්ඩක් කල්පනා කරපන්, මට දාහයි, උඹට දාහයි හරිනෙ."
"හරියන්නෙ කොහොමද, එතකොට වැඩේ කරන්නෙ උඹද මමද?"
"ඇයි තව හත්සීයක් තියෙන්නෙ. ඒක අපි අර චීනට දීල වැඩේ කරගනිමු."
"ඕ කේ හෙටම පටන් ගන්න" කියපු වයිට්හවුස් කාරයා යන්න ගියා.

11 comments:

  1. අපේ රටවල ඇත්තො ගිහිල්ලා ආමරිකාවත් නරක් කරනවා..පවු අමරිකාව..

    ReplyDelete
  2. අපේ උන් කොහේ ගියත් කප් එක අරන් නොවැ එන්නේ

    ReplyDelete
  3. මේක ජෝක් එකක් නෙමෙයි සහතික ඇත්ත. ආන්ඩුවේ ඩීව්ම කිව්වා වියදම වගේ තුන් ගුණයකටලු කෝට් කරන්නේ හැම දෙයක්ම. ඒ කියන්නේ ගාල්ලට කි මී 100 නේ තුන්සීයක් නේ. ඒක කතරගමටම හදන්න තිබුනා. මත්තලට විතරක් නෙමේ, සියඹලාන්ඩුවටයි, දඹානටයි ඉන්ටනැෂනල් එයාර් පෝට් දෙකක් දෙන්න තිබුනා. නොරොච්චෝලේ හදපු ගානෙන්, තව කර්ච්චෝල් දෙකක් හදන්න තිබුනා. එහෙනම් අපිටත් කළාමැදිරියෝ වගේ පුකෙත් ලයිට් දාගෙන යන්න තිබුනා. සාමන්‍යයෙන් ජාත්‍යන්තර ගණුදෙනුවකදි උනත් කොමිස් සීන් එකක් තියෙනවා, ඒත් උපරිමය 8% යි. ලංකාවේ කීයද දන්නවද 30% - 40%... මාර ආශ්චර්යනේ...

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ සීයට දහය කියන්නෙ නීත්‍යානුකූල පගාව. ඊට වැඩි වුනොත් තමයි මිනිස්සු හූල්ලන්නෙ (ඉරිසියාකා‍රයෝ. තමන්ගෙ බුද්ධිය මෙහෙයවල ධනය හොයාගන්න ඕනැනෙ.)

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. මම අටසිය පණහක් අය කරන වැඩේට එක්තරා ආයතනයක අදාල නිළධාරියා එක්දාස් අටසිය පණහක බිලක් ඉල්ලා ගත්තා. මට වඩා නිකං ඉදලා ඌ ගන්නවා

    ReplyDelete
  6. හැබැයි ගොයියො අහුවුනෝතින් පගා ගහපු එකාටයි උදව් කරපු එකාටයි එකම දඬුවම නියම වෙනව කියල මතක තියාගන්න.

    ReplyDelete
  7. කහ සමාජවාදීන්ගේ රටේ ෆන්ඩ් වලින් වැඩ කෙරෙන්නේත් ඔය කොරමෙට,
    සම්පූර්ණ ඇස්තමේන්තුව ඩොලර් බිලියන 15 යි. කොන්ත්‍රාත් කරු කහ සමාජවාදීන්ගේ රටේ සමාගමක්
    අත්තිකාරම ඩොලර් බිලියන 5 යි.
    උප කොන්ත්‍රාත් කරු ආශ්චර්ය රටේ සමාගමක්
    උප කොන්ත්‍රාත් කරුගේ ඇස්තමේන්තුව ඩොලර් බිලියන 3 යි.
    වැඩේ නිම කිරීමට මුදල ගෙවන්නේ (උප කොන්ත්රාත්කරුට)ආශ්චර්ය රටේ රජය.
    වැඩේ නිම වී ජනතා අයිතියට පැවරේ.
    ආශ්චර්ය රටේ බලධාරීන් සහ කහ සමාජවාදීන්ගේ රටේ බලධාරීන් අතර ගිවිසුම ආශ්චර්ය රට ඩොලර් බිලියන 15 ක ණය ලබාගත වගට.
    දැන් ණය ගෙවපියව් දේශප්‍රේමී හරකුනේ.
    3 න් කරපු වැඩේට 15 කට ණය ගෙවපියව්.
    " ඉතුරු 12 ට මොකද උනේ"
    " අඩෝ ව් දේශ ද්‍රෝහියා,ඩයස්පොරාවා, මියගිය කොටින්ට කත අදින ,රට අරාජික කරනට වෙරදරන බටහිර බලවෙගයා,........"

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.