2013-04-06

ඒකිය පුද්ගල නිදහස (අනුවර්තනයකි)

ORIGINAL?

ඇමරිකානුවෙක් හා ඉන්දියානුවෙක් අවන්හලකදි කථාවට වැටුණහ. අවන්හලකදී දොඩමළු වීම සඳහා මිතුරන් වීමේ අවශ්‍යතාවක් නැත. පෙර කිසි දිනක එකිනෙකා හමු වී නැති නමුත් එක මේසයේ වාඩි වී මධුවිත තොලගාන දෙදෙනකු කුළුපග වන්නේ වැලි කෙළියේ පටන් එකට සිටියවුන් විලසිනි.
ඇමරිකානුවාගේ බීම වේගවත් බව දකින ඉන්දියානුවා ඔහුට අවවාද කළේ "ඔච්චර බොන්න එපා, මං මෙච්චර ප්‍රශ්න තියාගනත් ඔහොම බොන්නෙ නෑ සිහිනැති වෙනකල්".

මොනවද උඹට තියන ප්‍රශ්න? අමෙරිකානුවාගේ විමසීම ඍජුය.

"උඹ දන්නවද ඉන්දියාවෙ තියන සිස්ටම් එකේ හැටියට අපට බෑ අපි ආදරේ කරන කෙල්ලව බඳින්න, බලපන් අපේ අම්මලා මට බල කරනව අර ගොඩේ කෙල්ලක්ව බඳින්න කියල. මං ඒ කෙල්ල දැකලවත් නෑ මීට කළින්. අපි ඒකට කියන්නේ ‍යෝජනා කරන මංගල්ලයක් කියල. ඒ වුනාට මං කැමති නෑ මං ආදරේ කරන්නෙ නැති කෙල්ලක් බඳින්න. මං මේක කෙළින්ම කිව්ව. දැන් මට කෙළවරක් නැති ප්‍රශ්න, මේ යෝජනා කරන මඟුල් නිසා."

"හුහ්, උඹ මේ කතාකරන්නෙ ලව් මැරේජ් ගැනද? ඔන්න අහගනිං. මං බැන්දෙ මං අවුරුදු තුනක් තිස්සෙ ආදරේ කරපු වැන්දඹුවක්. කවුරුවත් විරුද්ධ වුනේ නෑ. අවුරුදු දෙක තුනකට පස්සෙ අපේ තාත්ත ආදරේ කරන්න පටන් ගත්ත මගෙ ගෑණිගෙ පරණ කසාදෙ දුවට. අන්තිමට දෙන්න බැන්ද. ඔන්න දැන් මගෙ තාත්ත මගේ බෑණ වුනා. ඒ කියන්නෙ මං මගේ තාත්තගෙ මාමණ්ඩි. තේරුණා නේද?

දැන් නීතිය අනුව මගේ දුව තමයි මගේ අම්මා. ඒ කියන්නෙ තාත්තගෙ බිරිඳ.

ඔය අතරෙ මට පුතෙක් ලැබුනා. දැන් මගෙ බිරිඳගේ දෙවෙනි දරුවා වන මගේ පුතා බිරිඳගෙ පළවෙනි දරුවාගෙ සහෝදරයෙක් නෙ.එතකොට මගේ දරුවයි එයාගෙ අක්කගෙ මහත්තයයි දෙමස්සිනාලා. ඒ කියන්නෙ මගේ තාත්තා මගේ පුතාගෙ මස්සිනා.

මේ තත්වය තවත් බැරෑරුම් වුනේ තාත්තටත් පුතෙක් හම්බවුනාමයි. එතකොට ඒ තාත්තගෙ දෙවැනි දරුවා මගේ සහෝදරයෙක්. නමුත්, ඒ මගේ බිරිඳගෙ දුවගෙ දරුවා නැත්තම් මුනුපුරා. එතකොට අ‍පි දෙන්නගෙ මුනුපුරා මගේ සහෝදරයෙක්. මම මගේ සහෝදරයගෙ සීයා. මගේ සහෝදරයගෙ සීයා කියන්නෙ මගෙත් සීයා.

දැන් බලපන්, මං මගෙම සීය වෙලානෙ.

ඉතින් උඹ කියනව උඹලගෙ රටේ ක්‍රමය නිසා ප්‍රශ්න වැඩියි ලු."

4 comments:

  1. කොලේකුයි පැනකුයි අරගෙන අර ඇමරිකන් කාරයගේ "අවුල " ලෙහා ගන්න බලන්න ඕනි .

    ReplyDelete
  2. බුවා කිව්වා වගේ කොලේකුයි පෑනකුයි ඕනේ වෙනවා එයාගේ අවුල ලෙහන්න.. ඒත් ඉතිං ඌට අවුලක් නැත්තම් අපිට මොකෝ...

    ReplyDelete
  3. ඕකට තමා ඉතින් පුද්ගලික නිදහස කියෙන්නේ...:D

    ReplyDelete
  4. මේක චන්ද්‍ර අනගිරත්නගෙ නරලොව හොල්මන් එකේ තිබුන

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.