2014-03-30

පළාත් සභා මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ 2014 මාර්තු 29 දින පැවැත්විනි. මේ වන විට ඒවායේ අවසන් ප්‍රතිපල නිකුත් වී ඇත.
මේ මැතිවරණයේදී තමනට පසුගිය වතාවන්වලදීට වඩා වැඩියෙන් ඡන්ද ලැබී ඇතැයි උදම් අනන්නෝද, පසුගිය මැතිවරණයේ ප්‍රතිපල අමතක කර දමා තරගකාරී අනින් පක්ෂ අභිබවා තමන්ට ඡන්ද ලැබී ඇතැයි උදම් අනන්නෝද අපට අසන්නට ලැබේ.

එහෙත්,මැතිවරණයේදී ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව ගැන කිසිවකුත් කිසිවක් කියන්නේවත් ලියන්නේවත් නැත.

බ්ලොග් ලෝකය තුළ මාතලන් සහ තවත් අය විවිධ අනාවැකි පළ කළහ. සමහර ඒවා විශ්ලේෂණාත්මක විය. එමෙන්ම හාස්‍යජනක අනාවැකිත් ජ්‍යොතිෂ්‍ය විද්‍යාත්මක අනාවැකිත් පළ වී තිබෙනු දක්නා ලදී. එම අනාවැකි වලින් සමහර විශ්ලේෂණාත්මක අනාවැකි බොහෝ දුරට සත්‍ය වී ඇති බව ප්‍රතිපල දෙස බැලීමේදී පෙනී යයි.

කෙසේ වුවත්, ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති ප්‍රතිශතය සහ මැතිවරණයේ ජයග්‍රහණය ලත් කණ්ඩායම ලබා ඇති ඡන්ද ප්‍රතිශතය දෙස විමසා බලන ලෙස ඔබට ආරාධනා කිරීමට කැමැත්තෙමි.

මේ අය,
ඡන්දය දෙනවාට වඩා වැදගත්යැයි සිතන වෙනත් වැඩක් නිසා හෝ,
කොහොමටත් එජනිස දිනන නිසා හෝ
ඡන්දය දමා නැත.
උන්ගේ ඡන්දය වෙන එකෙක්වත් දමා නැත.

2014-03-11

බෝක්කුව

බෝක්කු බැලීම බාල තරුණ මහළු පිරිමින්ගේ ආනන්දයට හේතු වන කාරණයකි. අද උදේ සුපුරුදු ලෙසට ඊ මේල් පරීක්ෂා කිරීමේදී හිරුණිකාගේ බෝක්කුව යනුවෙන් ඊ මේල් එකක් එවා තිබිනි. වට පිට වාතාවරණය යහපත් වූ පසු, එනම් මගේ මොනිටරය පෙනෙන මානයේ කිසිවකු නොසිටින අවස්ථාවක් එළැඹුනු පසු, මම වහාම එම ඊ මේල් එක ඕපන් කර බැලුවේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිකරගෙන ය. අහෝ ඛේදයකි! ඉරකි! තිතකි. එවා තිබුනු පින්තූරය මෙසේ විය.

මේ පින්තූරයේ බෝක්කුවක් සොයමින් පැය කාලක් පමණ ගත කළ නමුත් සොයාගැනීමට හැකි වූයේ නැත. ඊ මේල් එක තවදුරටත් කියවීමේදී තවත් ඡායාරූප ගණනාවක් දක්නට තිබිනි. ඒවා හිරුණිකා වෛශ්‍ය වෘත්තියේ නියැලෙමින් පිහිනීමට සැරසුනු ආකාරය දක්වන ඡායාරූප විය. කාන්තාවන් පිහිනුම් තටාක වල වෛශ්‍යා වෘත්තියේ යෙදෙන බව මා දැනගත්තේ අද ය. මගේ දියණිය පාසලේ පිහිනුම් කණ්ඩායමට ඇතුළත් වීමට උනන්දු නොවීම සහ මා එයට ඇය උනන්දු නොකිරීම කෙතරම් වාසනාවක්ද?

දැන් එළැඹී ඇත්තේ මැතිවරණ සමය බව මට මතක් වුනේ ඉන් අනතුරුවයි. හිරුණිකා ද එක් අපේක්ෂිකාවක් ය. මැතිවරණයකදී අපේක්ෂක අපේක්ෂිකාවෝ සිය මනාප වැඩි කර ගැනීම සඳහා කරන නොයෙකුත් අවලම් වැඩ වලින් මෙයත් එකක් බව පෙනේ.

එක්කෝ මේ පින්තූරය සංස්කරණය කළ එකා බෝක්කුවක් දැකලාම නැත. නැත්නම් උගේ වලත්ත චින්තනය නිසා රෙදි විනිවිද පෙනෙන මානසිකත්වයක් ඇති වී තිබෙනවා විය යුතුය.

මේ නිසා, මැතිවරණ කාලයේදී ලැබෙන ඊ මේල් ගැන ඕනැවට වඩා බලාපොරොත්තු ඇති කර නොගත යුතු ය.

තවද, මහා සංඝරත්නය වුනත් බෝක්කු බැලීම පරමාර්ථයක් කරගෙන පිංකම් වලට වැඩීම එතරම් ඵලදායී නොවනු ඇත.