
එහෙත්,මැතිවරණයේදී ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව ගැන කිසිවකුත් කිසිවක් කියන්නේවත් ලියන්නේවත් නැත.
බ්ලොග් ලෝකය තුළ මාතලන් සහ තවත් අය විවිධ අනාවැකි පළ කළහ. සමහර ඒවා විශ්ලේෂණාත්මක විය. එමෙන්ම හාස්‍යජනක අනාවැකිත් ජ්‍යොතිෂ්‍ය විද්‍යාත්මක අනාවැකිත් පළ වී තිබෙනු දක්නා ලදී. එම අනාවැකි වලින් සමහර විශ්ලේෂණාත්මක අනාවැකි බොහෝ දුරට සත්‍ය වී ඇති බව ප්‍රතිපල දෙස බැලීමේදී පෙනී යයි.
කෙසේ වුවත්, ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති ප්‍රතිශතය සහ මැතිවරණයේ ජයග්‍රහණය ලත් කණ්ඩායම ලබා ඇති ඡන්ද ප්‍රතිශතය දෙස විමසා බලන ලෙස ඔබට ආරාධනා කිරීමට කැමැත්තෙමි.
මේ අය,
ඡන්දය දෙනවාට වඩා වැදගත්යැයි සිතන වෙනත් වැඩක් නිසා හෝ,
කොහොමටත් එජනිස දිනන නිසා හෝ
ඡන්දය දමා නැත.
උන්ගේ ඡන්දය වෙන එකෙක්වත් දමා නැත.