2013-06-06

සිංහලයාගේ අභිවෘද්ධිය ඇති කළ හැක්කේ කෙසේද?

යටිගිරියෙන් බෙරිහන් දෙමින්, ගිනි තියමින්ද, කඩ කඩමින්ද, අඳුර නැති කිරීම සඳහා පෘථිවියේ භ්‍රමණය නවත්වන්නට හදන එවුන් අතර පහනක් දල්වන්නට යත්න දරන අයකු ඔබ දැක තිබේද?


ඔහු නමින් තඹරු නවෝද්‍ය විජේසේකර (Thambaru Navodya Wijesekara) නම් වේ. හේ මගේ නෑදෑයකු හෝ හිතවතකු නොව අද මේ වෙබ් අවකාශයේ සැරි සරද්දී අහම්බෙන් හමු වූ චරිතයකි. මේ වන තෙක් මා ඔහු හා කිසිදු ගනුදෙණුවක්, දුරකථන සංවාදයක්, ලිපි හුවමාරුවක් සිදු කර නොමැත. මා දුටු ඔහුගේ පෞද්ගලික වෙබ් පිටුවෙන් අපට සෑහෙන පිටිවහලක් ලැබේ.

සිංහලයාගේ අභිවෘද්ධිය පතා ඔහු කිහිප ආකාරයකින්ම විශ්ව දැනුම සිංහලෙන් බෙදාහරින්නට උත්සාහ දරයි. ඔහුගේ බ්ලොග් සයිට් එක පවා හුදෙක් තවත් එක පල් හෑල්ලක් නොවේ.

මේ කෙටි ලිපිය ලිව්වේ තවම ඔහුගේ පිටුව හමු වී ‍නොමැති බ්ලොග් පාඨකයන් සඳහාය.