2011-12-31

සුභ නව වසරක් වේවා!

සකළ දේශ වාසී සියළු දෙනාටම 2012 අවුරුද්දේ සතුට, සොම්නස ලබාගැනීමට ධෛර්යය පෑදේවා! වෛරය ලෝකයෙන් තුරන් වේවා! සාමය පැතිරේවා! යුක්තිය ජය ගනිත්වා!

2011-12-25

කපුටු පිහාටුව

ප්‍රධාන විධායක නිලධාරීතැනගෙන් කළමනාකරු වෙත ලැබුනු දැනුම්දීම
අද පෙරවරු 11.00ට පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වීමට නියමිතය. මෙහිදී සූර්යයාට ඉදිරියෙන් සඳ පිහිටීම නිසා සූර්යයා විනාඩි 2ක කාලයක් නොපෙනී යයි. මෙම සිදුවීම දුර්ලභ නිසා, සේවකයන්ට ආයතනය ඉදිරිපිට වාහන අංගනයට ගොස් සූර්යග්‍රහණය නැරඹීමට වෙලාව වෙන් කර දීමට හැකිය.  පෙරවරු 11.00ට විනාඩි 10කට පෙර කාර්ය මණ්ඩලයට එම ස්ථානයෙහි රැස්වන ලෙස උපදෙස් දෙනු ලැබේ. එහිදී, සූර්ය ග්‍රහණය පිළිබඳ හැඳින්වීමක් කිරීමට සහ ඒ පසුබිම ඇති යම් යම් දේ දැනුම්දීමට මම අදහස් කරමි. ආරක්ෂිත අව් කන්නාඩි අඩු මිලට ලබාගැනීමට පහසුකම් සළසනු ඇත.

කළමනාකරු විසින් අංශ භාර නිලධාරී වෙත යැවූ දැන්වීම් ලිපිය
අද පෙරවරු 11.00ට විනාඩි 10කට පෙර සියළු දෙනාම වාහන ගාල් කරන ස්ථානයේ රැස්විය යුතුයි. ඉන් අනතුරුව සූර්යග්‍රහණයක් ආරම්භ වන අතර එය විනාඩි දෙකක් තිස්සේ දර්ශනය වනු ඇත. අඩු වියදමකින් මෙම සංසිද්ධිය ආරක්ෂාකාරී කරගැනීමට අව් කණ්ණාඩි මගින් ක්‍රමවේදයක් සකස් කර තිබේ. ප්‍රධාන විධායක නිලධාරීතුමා මෙම අවස්ථාවේදී අප වෙත යම් දැනුම්දීමක් කිරීම සඳහා සූර්යග්‍රහණයට පෙර කෙටි දේශනයක් පවත්වනු ඇත. මෙය නිතර දක්නට හැකි දෙයක් නොවේ.
අංශ භාර නිලධාරී විසින් ඔහුගේ කාර්යාංශ භාර නිලධාරී වෙත මෙසේ දන්වා යවයි.
අද සූර්යග්‍රහණයක් වශයෙන් මිනිත්තු දෙකක කාලයකට හිරු නොපෙනී යවමින් ප්‍රධාන විධායක නිලධාරීතැන කෙටි දේශනයක් පවත්වනු ඇත. මෙය නිතර දැකීමට හැකි දර්ශනයක් නොවන බැවින් උදේ 10ට හෝ 11ට කාර්ය මණ්ඩලයේ සියල්ලන්ම රැස්වන්න. සුළු මුදලක් වියදම් කළහොත් ඔ‍බගේ ආරක්ෂාව තහවුරු ‍වනු ඇත.
කාර්යාංශ භාර නිලධාරී විසින් සුපර්වයිසර් වෙත යැවූ ලිපිය මෙසේය.
සේවක මණ්ඩලයේ 10ක් හෝ 11ක් ප්‍රධාන විධායක නිලධාරීතුමා විසින් විනාඩි දෙකක ග්‍රහණයකට සූර්යයා යොමු කරවීමට නියමිතව ඇති රථවාහන අංගනය වෙත යාමට නියමිතය. මෙය කළාතුරකින් ඇති වන සිදුවීමකි. එය ප්‍රවේශම් සහගත වන නමුත් සුපුරුදු පරිදි ඒ සඳහා මිලක් අය කරනු ඇත.
සුපර්වයිසර් සේවක මණ්ඩලයට ලියා යැවුවේ මෙසේය.
ප්‍රධාන විධායක නිලධාරීතුමා අතුරුදහන් වනු බැලීමට ‍අද ඇතැම් සේවකයෝ වාහන අංගනය වෙත යනු ඇත. මෙය දිනපතා සිදුවන්නක් නොවීම කණගාටුදායකය.
Memo from CEO to Manager:
--------------------------------------------------------------------------------
Today at 11 o'clock there will be a total eclipse of the sun. This is
when the sun disappears behind the moon for two minutes. As this is
something that cannot be seen every day, time will be allowed for
employees to view the eclipse in the parking lot. Staff should meet in
the lot at ten to eleven, when I will deliver a short speech introducing
the eclipse, and giving some background information. Safety goggles will
be made available at a small cost.


Memo from Manager to Department Head:
--------------------------------------------------------------------------------
Today at ten to eleven, all staff should meet in the car park. This will
be followed by a total eclipse of the sun, which will appear for two
minutes. For a moderate cost, this will be made safe with goggles. The
CEO will deliver a short speech beforehand to give us all some
information. This is not something that can be seen every day.


Memo from Department Head to Floor Manager:
--------------------------------------------------------------------------------
The CEO will today deliver a short speech to make the sun disappear for
two minutes in the form of an eclipse. This is something that cannot be
seen every day, so staff will meet in the car park at ten or eleven.
This will be safe, if you pay a moderate cost.


වෙතින් උපුටා ගෙන මොබයිල්මෑන් විසින් පරිවර්තනය කරන ලදී.

මෙන්න ඔරිජිනල් එක (පරිවර්තනය හරි මදිනං)
Memo From Floor Manager to Supervisor:
--------------------------------------------------------------------------------
Ten or eleven staff are to go to the car park, where the CEO will
eclipse the sun for two minutes. This doesn't happen every day. It will
be safe, and as usual it will cost you.


Memo from Supervisor to staff:
--------------------------------------------------------------------------------
Some staff will go to the car park today to see the CEO disappear.
It is a pity this doesn't happen everyday.